බීමතින් රිය පදවා සිගිති දියණියකට පියෙක් අහිමි කළ කාවිංග පෙරේරාට විනිසුරු දුන් තීන්දුව
Accident
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
Kavinga Perera
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
බීමතින් රිය පදවා මාරක අනතුරක් සිදුකර රිමාන්ඩ් භාරයේ සිටි රංගන ශිල්පී කාවිංග පෙරේරා රුපියල් ලක්ෂ පහක පුද්ගල ඇපයක් මත මුදාහරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (3 ) නියෝග කළා.
මීට අමතරව මරණකරුගේ බිරිඳට රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙසත් රියැදුරු බලපත්‍රය අත්හිටුවන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර සිටියා. එකී මුදල විවෘත අධිකරණයේදීම මරණකරුගේ බිරිඳ වෙත ලබාදීමට සැකකරුගේ පාර්ශ්වය පියවර ගත්තා.
මෙලෙස මරණයට පත්වූයේ මීගහතැන්න වෙලපහළ, මාවතවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ගම්මන ලියනගේ වසන්ත උදයකුමාර නමැති 42 හැවිරිදි එක්දරු පියෙකි.
පසුගිය 19 දින අලුයම 12.45ට පමණ තලවතුගොඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදුකරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ පුද්ගලයා මෙසේ අනතුරට පත්වී තිබුණා.
රංගන ශිල්පියා බීමතින් රිය පදවා ඇති අතර අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වී මෙම අනතුර සිදුවී ඇති බව හෙළිව තිබෙනවා.
මාර්ගයේ සුදු ඉරි අඳිමින් සිටි කම්කරුවන්ගේ ආරක්ෂාවට යොදා තිබූ බාධක කිහිපයක්ද පෙරළාගෙන වාහනය ධාවනය වී තිබූ අතර අනතුර සිදුකර පළායාමට තැත් කළද අවට සිටි පිරිස් රංගන ශිල්පියා අල්ලා පහරදී පොලිසිය වෙත භාරදී තිබෙනවා.
මෙම නඩුව මැයි මස 5 දින නැවත කැඳවීමට නියමිතයි.

