Advertisement

මහින්ද රාජපක්ෂ ඇතුළු නඩයට කඩේයෑම වහාම නැවැත්විය යුතු බව බස්නාහිර හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පවසනවා.

රාජපක්ෂවරුන් හැමදාම කළේ තමන්ගේ පවුලේ අය ලොකු කරගෙන හොරකම් කිරීම බවයි ඔහු ඊයේ (13) නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මහ මැතිවරණයට තරඟකිරීම සිදුකල යුතුබව එහිදී දැඩිව ප්‍රකාශ කර සිටි ගාමිණී තිලකසිරි මහතා , ජීවන් කුමාරණතුංග මහතාට අපේක්ෂකත්වය නොලැබුණූහොත් ඔහු සජිත් ප්‍රේමදාස සමඟ මැතිවරණයට තරඟ කිරීමට ගත් තීන්දුව සාධාරණ බව ද එහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග නොකරන්නේ නම් රාජපක්ෂවරුන්ට විරුද්ධව තමන්ද තීන්දුවක් ගන්නා බවයි ඔහු එහිදී අවධාරණය කර සිටියේ.

වෙනම තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා අත්සන් තබන ලද ලිපිය පහතින් දැක්වෙනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements