කොරෝනා ආසාධිත තවත් ලාංකිකයින් දෙදෙනෙක් හදුනා ගනියි - ආසාධිතයින් 7 දක්වා ඉහළට - සමුහ රැස්වීම් සති දෙකක් යන තුරු තහනම්
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට හත දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පස්දෙනෙකු ඊයේ වනවිට වාර්තාවී තිබූ අතර, අද අලූතින් වාර්තාවූ පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිට පැමිණ තිබෙනවා.
ඉන් එක් පුද්ගලයෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි 44 හැවිරිදි අයෙකු වන අතර, මේ වනවිට ඔහු ප්‍රතිකාර ලබන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේයි.
43 හැවිරිදි අනෙක් පුද්ගලයා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කුරුණෑගල පළාත් මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ ජනතාව විශාල වශයෙන් රැස්වන උත්සව හෝ එවැනි අවස්ථා සති දෙකකට තහනම් කරන බවයි.
කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් විශාල වශයෙන් ජනතාව එකරාශ්‍රිවන සමුහ රැස්වීම් පැවැත්වීම අද (14) සිට සති දෙකක් යන තුරු තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

