Advertisement

බිරියට කොළඹ රැකියාවට යන්න එපා කියල
මරණකරු විසින් සිය බිරිඳට දුරකථන ඇමතුමක්


තුන් හැවිරිදි හා සය හැවිරිදි වියෙහි පසුවන තම දරුවන් දෙදෙනාගේ ගෙල තියුණු පිහියකින් කපා මරණයට පත්කොට එම මලළ සිරුරු අසලම ගෙල වැලලාගෙන සියදිවි නසාගත් තිස් දෙහැවිරිදි පුද්ගලයා කලක සිට සිය විවාහක බිරිය සමඟ හිත් අමනාපයකින් පසු වූ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ගොකරැල්ල පොලිස් වසමට අයත් මැද්දෙකැටිය වැව්සිරිගම උදාගම්මානයෙ නිවසක් තුළ මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් සිටියේ තිස්දෙහැවිරිදි දේති රූපයලාගේ සමන් කුමාර වික්‍රමසිංහ ( පියා ) සය හැවිරිදි දේතිරූපයලාගේ තනූජ ඕශාන් ( පුතා) සහ තෙහැවිරිදි දේති රූපයලාගේ නිකිනි සෙහන්සා ( දියනිය) යන එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකි. 

මොවුන් තිදෙනා ඊයේ (8) සවස 3.00ත් 4.30ත් අතර කාලයේදී මෙසේ මරණයට පත්ව ඇති බවට අනාවරණය වී තිබේ.

සි‍ය දිවි නසාගෙන ඇති සමන් කුමාර වික්‍රමසිංහ නමැත්තා කුලියට පොල් කැඩීම සිය ජීවිකාව කරගෙන ඉතා සාමකාමීව විසූ පුද්ගලයෙකු බවද අනාවරණය වී ඇත. සියදිවි නසාගත් පුද්ගලයා විසින් මරා දමා ඇති තනුජ ඕශාන් මරණකරුගේ වැඩිමහල් පුතු වන අතර ඔහු කු/ඉ/ උඩතම්මිට විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි ඇත .

මරා දමා ඇති තුන්හැවිරිදි අනෙක් දරුවා මරණකරුගේ බාල දියණිය බව ද කියති.

කුඩා දරුවන් දෙදෙනාගේ ගෙළ කපා දැමීම සඳහා භාවිතා කළේ යැයි සැක කෙරෙන තියුණු මුවහත සහිත පොල් පිහියක් ද එම මෘතදේහ අසල වැටී තිබියදී පොලිසිය විසින් සොයා ගැනිනි. එය සියදිවි නසා ගත් පුද්ගලයා ඔහුගෙ රැකියාව සඳහා භාවිතාකල ආයුදයක් බවද හෙළිව තිබේ.

ඔවුන් ජීවත් වූ කුඩා නිවසේ ඉදිරිපස කාමරයේ ඇඳක් මත මරා දැමුණු දරු දෙදෙනා ද ඒ අසල බාල්කයක ගැටගසන ලද තන්ගුස් ලණුවකින් ගෙලවැලලාගෙන වැඩි හිටි පුද්ගලයා ද මිය ගොස් තිබිණි.

කලක් තිස්සේ පැවති ආර්ථික අපහසුතා මඟහරවා ගැනීමට යැයි කියමින් මරණකරුගේ බිරිය මීට මාස කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශ්යේ රැකියාවක් සොයා ගෙන ගොස් ඇති අතර සැමියා සිය දරු දෙදෙනා සහ තවත් ඥාතිවරුන් දෙදෙනෙකුත් සමග වැව්සිරිගම නිවසේ පදිංචිව සිට ඇත. 

එහෙත් ඔහු සිය බිරිය ළඹ ප්‍රදේශ්යේ රැකියාව කිරීම පිළිබඳව එතරම් කැමැත්තකින් පසුව නැති බවද කියති.

ඔහු කිහිප විටක් ම සිය බිරියට කොළඹ රැකියාව අත්හැර නිවසට විත් වාසය කරන ලෙස ඉල්ලීම් කළද ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇති වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

සිද්ධියට දිනකි කිහිපයකට පෙර ද අදාළ කාන්තාව කොළඹ සිට නිවසට පැමිණ ආපසු යන අවස්ථාවේදී සැමියා ඊට විරුද්ධව වී ඇති බවත් එහෙත් එම විරෝධතාව නොතකා ඇය ආපසු කොළඹ යාම පිළිබඳව සැමියා කනස්සල්ලෙන් පසුවී ඇති බව ද පරීක්ෂණවලදී හෙළිවී ඇති බව ගොකරැල්ල පොලිසිය කියයි.

සිද්ධිය වූ දින පෙරවරුවේ මරණකරු විසින් සිය බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත් ඇය වහා රැකියාව අත්හැර නිවසට නොපැමිණෙන්නේ නම් තමා දරු දෙදෙනා මරණයට පත් කොට තමාද සියදිවි නසාගන්නා බවට දැනුම් දී ඇතැයි ඉදිරිපත් වූ සාක්ෂි වලදී හෙළිවී තිබේ

ඉරිදා සවස 6.30 ට පමණ නිවසේ වසන ඥාති කාන්තාව විසින් මෙම සිද්ධිය දැක ගොකරැල්ල පොලිසියට දැනුම්දී ඇති අතර ඒ අනුව වහාම සිද්ධියවූ ස්ථානයට ගිය ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් බන්ඩාර ගනේගොඩ මහතා ඇතුළු නිලධාරීන් විසින් කුරුණෑ කුරුණෑගල කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත හේරත් මහතා දැනුවත් කොට ඔහුගේ උපදෙස් මත කුරුණෑගල කොට්ඨාශ අපරාධ ස්ථානීය පරීක්ෂක නිල්ධාරීන් කැඳවා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබිණි.

සිද්ධිය වූ ස්ථානයට ඊයේ (9) උදෑසන පැමිණි කුරුනැගල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ වසන්ත ගුණවර්ධන මහතා විසින් සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලද අතර මෘතදේහවැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කුරුනැගල පලාත්බද මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබාගන්නා දෙසද ලද සිද්ධිය පිළිබඳ වැඩිදුර සාක්ෂි භාගය මාර්තු මස 19 වැනි දින දක්වා කල් තබන ලෙස ද දන්වනු ලැබිනි.

සුනිල් එස් පැල්ලන්දෙනිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements