Featured News

Video Gossip

Advertisement

මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් මරණීය දණ්ඩනය නියම කළ යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

වර්ෂ 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයේ කළ ක්‍රියාන්විතයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ එවකට පැවැති රජයේ නියෝග මතය.


එම සෙබළුන් චාවකච්චේරි මහෙස්ත්‍රාත් උසාවියෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත නිදහස් කළ අතර කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකින් පසුව පළමු විත්තිකරු වූ සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම විය. වසර දහතුනක නඩු තීන්දුවකින් පසුව සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම වූ අතර සෙසු පිරිස නිදොස් කොට නිදහස් කරන ලදී.

මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක රිවිරැස ඇතුළු හමුදා මෙහෙයුම්වලදී රණශූර පදක්කම පවා හිමිකර ගනිමින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ දක්ෂ විශේෂ බළකා භටයකු විය. එම සටන්වලදී ත්‍රස්තයන්ගේ මෝටාර් ප්‍රහාරයකින් එල්ල වූ කැබැල්ලක් ඔහු​ගේ හිස තුළ අදටත් ඇති බව පැවසේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements