Featured News

Video Gossip

Advertisement

වනජීවී ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතාගේ බිරිඳ ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක්වූ වනජීවි නිලධාරියෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සඳහන් කරති.

පැවති ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් පෙනී සිටියේ මේ ආකාරයෙන් ඇමතිවරුන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් හිතෙන හිතෙන ආකාරයට පිස්සු නැටීමට නොවන බවද උන්වහන්සේ පැවසූහ.
හිමියන් මේ බව කියා සිටියේ වනජීවී නිලධාරියෙකුට පහර දීමට විරුද්ධව අනුරාධපුරයේදී පැවති උද්ඝෝෂණයක් අතරතුර දී ය.

ඇමැතිවරුන් ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ ජාවාරම්කරුවන් එක්ව පරිසරය විනාශ කරමින් සිටින බවත් ඊට විරුද්දව කටයුතු කරන නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මේ ආකාරයේ කටයුතු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර බලාපොරොත්තු නොවූ බවද බලාපොරොත්තු වූයේ රට, ජාතිය, පරිසරය බේරා ගැනීම බව ද ආනන්ද සාගර හිමියෝ තව දුරටත් කියා සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements