මත්කුඩුවලට ඇබ්බැහි වූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුවත් මත්කුඩු ඉල්ලා කලබල කිරීම නිසා ඇය මෙල්ල කරගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වනවා.
මේ අතරතුර ඇය බැලීමට පැමිණි පුද්ගලයෙකු සැක සහිත යමක් දී ඇති බවට ලද තොරතුරක් නිසා මේ දිනවල ඇයට ගෙනවිත් දෙන සියලු දේ පූර්ණ පරීක්ෂාවකට භාජනය කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මේ හේතුව නිසා ඇය මත්කුඩු නොමැතිව උමතු ලෙසින් හැසිරෙන්නට පටන්ගෙන ඇති අතර වරක් රෝහලෙන් පැන යාමට පවා උත්සාහ දරා ඇතැයි රෝහල් ආරංචි මාර්ගසඳහන් කළා.
මේ හේතුවෙන් ළමා වාට්ටුවේ දොරගුළු පවා අලුත්වැඩියා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

