Featured News

Video Gossip

Advertisement

සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිපානන් වහන්සේ තමන් වැඩවාසය කරන අංක 99 එදිරිසිංහ පාර මිරිහාන, සමාධි විහාරයේ ගොඩනැගිල්ලෙන් කොටසක් කොරෝනා නිරෝධායනයට ලබාදීමට සුදානම් වනවා.

ඒ සම්බන්ධයෙන් උන් වහන්සේගේ සිංහලේ සංවිධානය විසින් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

හැදල ලාදුරු රෝහල කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට තීරණය කිරීමට එල්ල වන ජනතා විරෝධතා නිසා මෙම පියවර ගත් බව සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව රජයේ කැමැත්ත අනුව මිරිහාන ප්‍රදේශයට කොරෝනා නිරෝධායනය සඳහා පිරිස් පැමිණෙනු ඇති බව එම සංවිධානය පවසනවා.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.


“ යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය …”

ඉතාලිය කොරියාව වැනි රටවල අප වෙනුවෙන් නොයෙකුත් දික් කම් කටලු විදිමින් , අනෙක විධ දුක්ගැහැට වලට ලක්වෙමින් පසුගිය දශක කිහිපයේම ශ්‍රී ලාංකික ආර්ථිකයට උපරිම සේවයක් සිදු කරන ලද්දේ අපගේ රට විරුවන්ය . මේ වනවිට ජාතියක් ලෙස කොරෝනා වයිරසය හේතුවෙන් ඔවුන් අසරණතාවයට පත්ව ඇත .

ඇත්ත වශයෙන්ම ඒ අසරනවන්නේ ඔවුන්ගේ ජිවිතමද රටක් ලෙස රට විරුවන් අප වෙනුවෙන් කරනා කල සේවය අමතක කිරීමට තරම් අප ගුනමකුවිම පිලිබදව ලැජ්ජාවට පත්විය යුතුය .

මේ වනවිට රටවිරුවන් ලංකාවට ගෙන්වාගෙන නිරෝධායනය කිරීම සදහා තාවකාලිකව රදවා ගැනීමට ස්ථානයක් නොමැතිකම හා එවැනි ස්ථානයක් සදහා මේ භුමිය තුල ඉඩකඩක් වෙන්කර දීමට යාමෙන් විවිධ ස්ථානවල ආගමික නායකයන් හා දේශපාලන නායකයන්ගේ විරෝධය දක්වන තත්වයට ප්‍රශ්නය උඩුදුවා ඇත .

රටවිරුවන්ගේ අගය පිලිබදව හොදින්ම දන්නා හිමිනමක් වන සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිපානන් වහන්සේ තමන් වැඩවාසය කරන අංක 99 එදිරිසිංහ පාර මිරිහාන නුගේගෝ සමාධි විහාරයේ ගොඩනැගිල්ලෙන් කොටසක් මේ විරුවන් වෙනුවෙන් ලබාදීමට කැමැත්ත පළකර ඇත. ඒ තුන් ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කල ධර්මය අනුව යමිනි ,

“යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය …” (මහාවග්ගපාලිය – චීවරක්ඛන්ධකය) යනාදී ලෙසින් යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේ යයි වදා ඇති බුද්ධ වචනය සරණ යමිනි .

“මහණෙනි, නුඹලාට උපස්ථාන කරන මව්පියෝ නැත්තාහ. නුඹලා අන්‍යොන්‍ය ලෙස උපස්ථාන නොකරන්නේ නම් කවුරු උපස්ථාන කෙරෙත් ද! යමෙක් මට උපස්ථාන කරයි ද හේ ගිලනුන්ට උපස්ථාන කරයි. රෝගි භික්ෂුවට ආචාර්ය වරයෙක් උපාධ්‍යවරයෙක් වේ නම් ඔහු දිවිහිමියෙන් රෝගියාට උපස්ථාන කළ යුතුය. රෝගියාගේ සුවය බලාපොරොත්තු විය යුතුය. කිසිවෙකු රෝගියාට නැත්නම් සංඝයා විසින් උපස්ථාන කළ යුතුය” යනාදී ලෙසින් භික්ෂූන් වහන්සේට රෝගී උපස්ථානය ගැන කරුණු වදාළහ.

බලධාරින් හා නිලධාරීන් අහිංසක රටවිරුවන්ගේ ජිවිත අවධානමකට ලක් නොකර නිරෝධායන කටයුතු ඉක්මනින් ආරම්භ කරන ලෙසට උන්වහන්සේ වැඩි දුරටත් අවධාරණය කර සිටියා.

ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිධානය
ජාතික සංවිධායක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements