කුවේටයේ සිට ලංකාවට එන්නත් බෑ - කුවේටයට යන්නත් බෑ – ගුවන් ගමන් තහනම්
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
ඊයේ (07) සිට සතියක කාලයක් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 07 ක් සඳහා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට කුවේටය තීරණය කර තිබෙනවා.
ඒ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බවයි එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක මණ්ඩලය නිවේදනය කර සිටින්නේ.
ඒ අනුව අද සිට ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණෙන සහ කුවේටයේ සිට පිටත්ව යන සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව කුවේටයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
එමෙන්ම ඉහත නම් සඳහන් රටවල් වල සංචාරය කළ ඕනෑම පුද්ගලයෙක් දින 14ක් ගතවන තුරු කුවේටයට ඇතුල්වීම තහනම් කර තිබෙනවා.
යම් අයෙක් එම රටවල සංචාරය කිරීමෙන් පසු තමන්ගේ රටට පැමිණෙන්නේ නම් ඔවුන් සිය නිරෝදාන සහතිකය ඉදිරිපත් කළ යුතු බවයි කුවේට් බලධාරින් සඳහන් කරන්නේ

