Featured News

Video Gossip

Advertisement

මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පිහිටි නිවස සොරුන් බිඳ අතැයි අම්බලන්ගොඩ පොලීසිය පැවසුවා.

නිවසේ ඉදිරිපිට දොර විවෘතව ඇතැයි අසල්වාසියකුගේ දැනුම්දීමකට අනුව සොයා බැලීමකදී සොරුන් බිඳ ඇති බව අනාවරණය වී තිබෙනවා.


බොහෝ වේලාවට ඇදිරි නීතිය දමා තිබෙන වේලාවක රාත්‍රියේ මේ නිවස සොරුන් බිදින්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළුවුවද එහි තිබී රැගෙන ගියේ මොනවාදැයි තවමත් අනාවරණය වී නැහැ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙම නිවස අම්බලන්ගොඩ – බටපොළ මාර්ගයේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ මාර්ගය අයිනේ පිහිටා ඇති බවත් එය දැනට කාලයක් තිස්සේ සිටම වසා දමා තිබෙන බවත් පොලීසිය සඳහන් කළා.

අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


#Mahinda_Deshapriya

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements