Featured News

Video Gossip

Advertisement

රැකියා නැතිව සිටින සියලු දරුවන්ගේ රැකියා අයදුම්පත්‍ර ගෙන්වා ගත් පමණින් හෙට පාන්දර හෝ මැතිවරණයෙන් පසු රැකියා ලබා දීමට කිසිවෙකුටත් නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඒ සඳහා රැකියා නිර්මාණය කරන සැලසුමක් අවශ්‍ය බව ද ඔහු පැවසීය.
‘ගෙවල්වල ඉන්න ලමයි ඔක්කෝමගෙ රස්සා ඇප්ලිකේශන් අරගෙන හෙට උදේට එහෙම නැත්නම් ඡන්දෙන් පස්සෙ රස්සාවල් දෙන්න පුළුවන්ද.. කාටද එහෙම දෙන්න පුලුවන්.. ගොන් මෝඩයෙක් එහෙම කියනවා නම්’

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති ජනහමුවක් අමතමිනි.

උපාධිධාරීන් 50,000 කට ආසන්න ප්‍රමාණයකට එකවර රැුකියා ලබාදීම සඳහා පත්වීම් ලිපා ලබාදී ඇති පසුබිමක හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය ද ආන්දෝලනාත්මකය.

මීට පෙර ඔහු විසින් කරන ලද ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයේ දැඩි විවේචනයන්ට ඔහු ලක් විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements