Advertisement

මීගමුව රෝහලේදී ඊයේ දිනයේ් ජීවිතක්ෂයට පත් වූ නව කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි මීගමුව පෝරුතොට ප‍්‍රදේශය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ අදාළ පුද්ගලයාගේ නිවසේ සිටි පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවයි.

ඇතැම් පුද්ගලයින් සාවද්‍ය තොරතුරු ලබා දීම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට බරපතළ ගැටලූවක් වී ඇති බව ද ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පැවසුවා.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් මතුව ඇති අර්බුදවලට විසඳුම ජනතාවගේ හැසිරීම මත තීරණය වනු ඇති බව මේ සම්බන්ධ‍යෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements