Advertisement

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පනවා ඇති සංචරන සීමාවන් සමස්තයක් ලෙස 50% ක සීමාව නොඉක්මවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ එය 70%-80%-90% සීමාවකට ගෙන නොආවහොත් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය භයානක තත්ත්වයට යා හැකි බවයි.

කෙසේ නමුත් මේ වනවිට ශ්‍රී ලංකාවේ තත්ත්වය සෙසු රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක ඇතත් එය උදම් ඇනීමට කාරණාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් දැනට රජය විසින් පවත්වාගෙන යන ලිහිල් ඇඳිරි නීති ප්‍රතිපත්තිය තවදුරටත් වැඩිකරමින් සංචාරණ සීමාව අඩු කළ යුතු බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් මෙම රෝගය සඳහා මෙතෙක් ස්ථිර ප්‍රතිකාරයක් සොයාගෙන නැති නිසා ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් මේ ආකාරයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements