Featured News

Video Gossip

Advertisement

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරිමේ චෝදනා මත සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කර සිටින නැගෙනහිර හිටපු මහා ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලෙයාන් මහතාද මහා මැතිවරණය සදහා තරග කිරිමට ඉදිරිපත්වන බව එම පක්ෂය කියයි.

මෙවර මහා මැතිවරණය සදහා සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලයාන්ගේ නායකත්වයෙන් යුත් දෙමල මහජන විමුක්ති කොටි හෙවත් ටි. එම්. වි. පි. පක්ෂය මඩකලපුව දිස්ත්‍රික්කය සදහා පමණක් බෝට්ටුව ලකුණින් තනිව තරග කිරිමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධව වන අවසන් තිරණයකට මෙතෙක් එළැඹ නැති බවද එම පක්ෂය පවසයි.
අදාල චෝදනාවට මඩකලපුව මහාධිකරණයේ විභාග වන නඩුව ලබන 13 වනදා යලි කැදවිමට නියමිත අතර ලැබෙන නිති උපදෙස් මත ඔහු මහා මැතිවරණයට පිල්ලෙයාන් මහතා ඉදිරිපත් වනවාද නැද්ද යන්න තීරණය කෙරෙන බවත් ටි.එම්.වි.පි. පක්ෂයේ මහා ලේකම් හිටපු පලාත් සභා මන්ත්‍රි පුබාල සිංහම් ප්‍රසාන්නත් මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේ පිහිටි පක්ෂ මුලස්ථානයේදි පැවැති රැස්විමකදි මධ්‍යම කාරක සභාව මෙම තිරණයට එළඹ තිබේ.

සන්ධාන ගත නොවි මඩකලපුව දිස්ත්‍රික්කය සදහා තනිව තරග කිරිම සම්බන්ධයෙන් සිරගතවි සිටින පක්ෂ නායකත්වය ගෙන ඇති තීරණය මධ්‍යම කාරක සභාවට යොමු කිරිමෙන් පසු මධ්‍යම කාරක සභාව මෙම තිරණයට එළඹ තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයට ටි.එම්.වි.පි. පක්ෂයේ තරග කරණ අපේක්ෂකයන් අතර එහි නායක සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත්, මහා ලේකම් පුබාලසිංම් ප්‍රසාන්තන් යන මහත්වරුන් වන අතර මේ සම්බන්ධයෙන් අවසන් තිරණය ලබන 13 වැනිදා ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

ලක්මාල් කේ. බදුගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements