Advertisement

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද දිනයේ අභියාචනාධිකරණය විසින් මෙම තහනම නිකුත් කරනු ලැබුවේ කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමිනි.

තමන් ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඔවුන් විසින් ගොනු කර ඇති පෙත්සම හෙට දිනයේ දී සලකා බලන තෙක් මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මකයි.

බැඳුම්කර වංචාවට චූදිතයන් ලෙස නම් කරමින් රවි කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements