රෑ එලි වෙනකන් Bathroom අලුතින් හැදුවා - කටින් ඉල්ලුව හැමදෙයක්ම දුන්නා - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ලාංකිකයින් රණවිරුවන් ගැන කියූ දේ
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
gossipmain
,
hot news
,
kandakadu
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
SL Army
අපිට සලකන එක නම් සලකනව බොක්කෙන්ම
කටින් ඉල්ලුව හැමදෙයක්ම දුන්නා
කටින් ඉල්ලුව හැමදෙයක්ම දුන්නා
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලු දෙනානිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමට රජය විසින් පසුගිය 10 වෙනිදා සිට ගත් තීරණයට ඇතැම් පිරිස් විවේචනය එල්ල කරනු ලැබුවා.
ඇතැම් ලාංකිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර සිටියේනිරෝධායන ක්‍රියාවලිය සඳහා තමන්ගෙන් රුපියල් 7500 ක මුදලක් අය කරන බවයි. නමුත් එය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට රජය මෙන්ම යුධ හමුදාවද ප්‍රකාශ කර සිටියා.
ඉන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජායාරූප පළකරමින් ඇතැම් පුද්ගලයින් කියා සිටියේ තමන්ට නිසි වෙලාවට ආහාර ලබාදීමක් සිදුනොකල බවයි. තව පුද්ගලයෙක් කියා සිටියේ බිමට කෝපි ලබා දුන්නේ ප්ලාස්ටික් බෝතලයක් කපා එය කෝප්පයක් ලෙස මෙන් සාදාලා කියලා.
මේ සියලු චෝදනා වලට පිළිතුරු සපයමින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ඉතාලියේ සිට පැමිණි ලාංකික තරුණයෙක් මෙලස සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබුණා.
” අපිට සලකන එක නම් සලකනව බොක්කෙන්ම.. කටින් ඉල්ලුව හැමදෙයක්ම දුන්නා..Free_Wifi… රෑ එලි වෙනකන් Bathroom අලුතින් හැදුවා උදේ වෙද්දි හදලා ඉවරයි….මෙහෙම කන්න දෙනව නම් තව මොනද අපි ඉලන්න ඔනේ. එත් අවුලකට තියෙන්නේ අපි එක්කම ඉන්න සම හරක් හිතන් ඉන්නෙ උන් වෙන ලොකෙකින් අවා කියලා උන් ඉපදිලා තියෙන්නේ තරු 5 Hotel වල.. අපිට නම් මෙ හොදටම ඇති මාසයක් උනත් ඉන්නම් තියා ගන්නවා නම්. ආදරේයි බොක්කෙන්ම SL ARMY”






