Advertisement

දක්ෂිණ අධීවේගී මාර්ගයේ සැතපුම් අංක 110- සහ 112 අතර ඉමදුව හා කොක්මාදුව ප්‍රදේශයේ දී 01 දින සවස බස් රථයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

මෙසේ ගින්නෙන් විනාශ වී ඇත්තේ කොළඹ සිට මාතර බලා පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක්. 
ගින්න ඇතිවන අවස්ථාවේ දී බස් රථයේ රියදුරු බස් රථය නවත්වා ඇති අතර ඒ සමඟින්ම බස් රථයේ සිටි පිරිසට එයින් පිටතට යාමට උපදෙස් දී තිබෙනවා. අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. 

අදාල ගින්නත් සමඟින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ කොක්මාදුව අතර ප්‍රදේශයේ දැඩි වාහන තද බදයක් ඇති වු අතර දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගිනි නිවීමේ ඒකකය මඟින් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements