Advertisement

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය ස්විට්සර්ලන්තයෙන් දී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එරටදීම සිදුකරන බව වාර්තාවනවා.

මෙම පුද්ගලයාගේ මරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එරට පිහිටි තනාපති කාර්යාලය සමග සිදු කරන බවයි විදේශ සබඳතා අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

යාපනය – පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිට විදේශගත වූ මෙම 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ඊසානදිග ස්විට්සර්ලන්තයේ සෙන් – ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි බව සඳහන්.

ඔහු නේවාසික බලපත්‍රයක් මත ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටි අයෙකු බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගිය 25 වන දා මිය ගොස් ඇති ඔහුගේ මරණයට හේතුව කොවිඩ් 19 වෛරසය බව සනාථ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජය, ලක් රජය වෙත නිළ දැනුම්දීමක් සිදුකර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.

ස්විට්සර්ලන්තයේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 11,951 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් මරණ 197ක් ද වාර්තා වුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements