Advertisement

‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධානය කිරීම සඳහා සහයෝගය දැක්වීමේ ජාතික වගකීමට උරදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් සේවා හා ගුවන්තොටුපල අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධතාවයෙන් මේ වනවිට දිවයින පූරා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් පිහිටුවා ඇත.

විදේශිය රටවල සිට නැවත මව්බිමට පැමිණෙන පුද්ගලයින් දෛනිකව වැඩිවීම සැලකිල්ලට ගනිමින්, නාවික හා ගුවන් හමුදා භටයින්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදාව මේ වන විට පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්නි, මයියන්කුලම් පිහිටි 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව, බොරවැව, ගල්කන්ද, කහගොල්ල, දියතලාව යුද්ධ හමුදා රෝහල, දියතලාව ගැමුණු හේවා බලකා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර මෙම තීරණාත්මක අවස්ථාවේ සියලු පහසුකම්වලින් සපීරි තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දම්මින්න සහ රන්ටැඹේ ප්‍රදේශයේදී විවෘත කරන ලදී.

යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් (වෛද්‍ය) සවීන් සේමගේ ගේ සම්බන්ධිකරණයෙන් යුත් වෛද්‍ය කණ්ඩායම්වල අධීක්‍ෂණය යටතේ ඉරිදා (15) දින 1800 පැය වන විට තනිකඩයන්, පිරිමි, ගැහැණු, ළමයින් සිටින පවුල් සහ විදේශීය ජාතිකයන් ලෙස වර්ගීකරණය කරන ලද පුද්ගලයින් 1723 දෙනෙකු එම මධ්‍යස්ථානයන්හි නිරෝධායනය කරනු ලැබේ. මෙම මධ්‍යස්ථානවල නිරෝධායනය කරනු ලබන පුද්ගලයින් අතර විදේශිකයන් අට දෙනෙක් ද වන අතර එම මධ්‍යස්ථානයන්හි අත් සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී, ජල පිරිපහදු ඒකක, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර, තුවා රාක්ක, ශීතකරණ, පුවත්පත්, ළමුන් හා ගර්භනී කාන්තාවන් සඳහා විශේෂ ආහාර පිසීමේ විධිවිධාන යනාදිය ඇත.

‘කොවිඩ් - 19’ වෛරසයේ බලපෑමට ලක් වූ රටවලින් 2020 මාර්තු මස 1 සිට 9 දින දක්වා කාලය තුළ දිවයිනට පැමිණි නිරෝධායනයට ලක් නොවු පුද්ගලයින්ගේ ජීවිත මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ජිවිත අවදානමට ලක්විය හැකි බැවින්, ඔවුන් පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට මෙන්ම හදිසි ඇමතුම් අංක 113 හෝ 117 වෙත දැනුම්දී නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කිරිමට සහයෝගය දක්වන ලෙස පොලිසිය සහ යුද්ධ හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටීයි.

යුද්ධ හමුදා සූපවේදීන් විසින් පිසින ලද ආහාර එම මධ්‍යස්ථානවල සිටින රැඳි සිටින පුද්ගලයින්ට ලබාදීමට ප්‍රථම යුද්ධ හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පෝෂණවේදීන් විසින් සමීපව පරීක්‍ෂා කරනු ලැබේ. 

මේ වනවිට ආරම්භ කර ඇති රන්ටැඹේ නිරෝධාන මධ්‍යස්ථානයේ සහ දම්මින්න නිරෝධාන මධ්‍යස්ථානයේ පිළිවෙලින් රැඳවියන් 600 කට සහ 125 කට පහසුකම් සැපයීමට හැකියාව ඇත. නිරෝධානය කිරීමෙන් මේ දක්වා හමුවූ වෛරසය ආසාදිත බවට සැක කරනු ලබන පුද්ගලයින් 11 අයි.ඩි.එච්. රෝහලට සහ අනෙකුත් රෝහල් වෙත ඇතුලත් කර ඇත.

“නිරතුරුවම අප හා සම්බන්ධ වන අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි මෙම නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරනු ලබනවා. එහිදී, යම් පුද්ගලයෙකුට කිසියම් අසාධාරණයක් සිදුවී ඇතැයි හැඟෙ නම් ඕනෑම කෙනෙකුට අපව දැනුවත් කිරීමට හෝ සම්බන්ධ කරගන්න පුළුවන්. ගැටළු විසඳීමට අපි කළ හැකි උපරිමය උත්සහ ගන්නවා. අපේ මිලියන 22 ක ජනතාවගේ ජීවිත අනතුරේ හෙළීමකින් තොරව හමුදාව කරන මෙම සේවාව ඔවුන් සියලුදෙනා තේරුම් ගත යුතුයි. නිරෝධායනය සිදු නොකළහොත් එය සමාජයේ සෙසු අයට තර්ජනයක් විය හැකිය. අප නිරෝධායනය කර ඇත්තේ කිසිසේත්ම වෛරස් ආසාදිත රෝගීන් නොවේ, එසේ නොකළා නම් වෛරස් ආසාදිතයින් මෙතෙක් හඳුනාගෙන නොමැත.” යැයි ජාතික රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවේදී අද (15) දින ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements