Advertisement

මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සඳහා මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශද තීරණය කර තිබෙනවා.

ඒ, අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධය නව කොරෝනා ආසාදිතයින් සඳහා අනුමත කිරීමත් සමග ලොව පුරා ඒ පිළිබද දැඩි අවදානයක් යොමු වීමත් සමගයි.

ඒ අනුව අදාළ ඖෂධය මෙරට කොරෝනා ආසාදිතයින්ට ලබාදිම සඳහා නිර්දේශ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුව තීරණය කර තිබෙනවා.


මෙම ඖෂධය ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතාවල යම් තරමක අඩුවක් පවතින බවයි වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ. මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය IDH රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බරපතල තත්වයේ පසුවන කොරෝනා ආසාදිතයින් දෙදෙනාට ලබාදිමද ඉකුත් 20 වැනිදා සිට ආරම්භ කෙරුණා.

ඔවුන්ගෙන් අයෙකු තරමක් සුව අතට පත්වී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය තවත් රටවල් කිහිපයක් කෙරෝනා ආසාදිතයින්ට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවද ප‍්‍රකාශ කළා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මේ බව කියා සිටියා.

හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය, කෙරෝනා ආසාදිතයින්ට කල්පනාකාරීව සහ සීමාවන් සහිතව භාවිත කළ යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මැලේරියා රෝගීන්ට ලබා දෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය රෝගී නොවන සාමාන්‍ය පුද්ගලයින් භාවිත කිරීම අතුරු ප‍්‍රතිඵල ගෙනදිය හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා. එම ඖෂධය වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිත කරන ලෙසයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements