අනුරාධපුර බන්ධනාගාර වෙඩි තැබීමෙන් අයෙක් මරුට - කිසිදු රැඳවියෙක් පැන ගොස් නෑ [VIDEO]
anuradhapura
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
video
,
web gossip
අනුරාධපුර බන්ධනාගාරය තුළ ඇති වු නොසන්සුන්තාවය හේතුවෙන් කිසිදු රැඳවියෙක් බන්ධනාගාරයෙන් පැන ගොස් නැතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
අද(21) දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳී සිටි රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යෑමේ දී නොසන්සුන් තත්ත්වයක් හට ගත් බව පොලීසිය පවසයි.
ඒ අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් මිදී පලා යෑමට උත්සහ කර ඇත.
එය වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා ඇත.
වෙඩි තැබීමෙන් රැඳවියන් 5 දෙනෙක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව එම රැඳවියන් අතරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය හේතුවෙන් රැඳවියන් කිසිවෙක් බන්ධානාගාරයෙන් පැන ගොස් නොමැති බව පොලීසිය පවසයි.
කලහකාරී රැඳවියන් එළියට පැමිණීම වැළැක්වීම සඳහා අනුරාධපුර පොලීසිය, කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇත.






