Advertisement

කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයෙකු අකුරුණ ප්‍රදේශයෙන් හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශය අවදානම් තත්ත්වයක පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කරයි.

මොහු ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායන මගහැර සැඟවී සිටි අයෙක් බවද ඔහු පැවසීය.

රෝග ලක්ෂණ මතු වූ පසු රෝහල් ගත වී ඇති බවත් එහිදී ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පසුගිය දින 14 ඇතුලත ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයන් වහා නිරෝධායනයට යොමුවන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දී තිබේ.

අවසන් වතාවට හඳුනාගත් රෝගීන්ගෙන් දෙදෙනෙකු එහි සිට පැමිණි පුද්ගලයන් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements