Advertisement

සමස්ත නිරෝධායන ක්‍රියාවලියේදීම නිරෝධායන කටයුතුවල නිරත වූ හමුදා සාමාජිකයන් දෙදෙනකුට පමණක් කොරෝනා වෛරසය වැලඳුණු බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
නිරෝධායන මධ්‍යස්ථාන තුළදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගිය යුද හමුදා​ වෛද්‍ය බළකා සෙබළකුටයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඉතාලියේ සිට පැමිණි පිරිස් මෙහෙයවීමට කටුනායක ගුවන් තොටුපොළට ගිය විශේෂ බළකා මේජර්වරයකුට මුලින්ම වෛරසය වැලඳී තිබුණා.

ඔහු යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ රාජකාරි කළ නිසා නව හමුදා මූලස්ථානයේ එම ඒකකයම ස්වයං නිරෝධායනයකට ලක් කෙරුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements