Featured News

Video Gossip

Advertisement

ඇතිවී තිබෙන තත්වය මත ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් තම පාරිභෝගිකයන් වෙත Facebook, WhatsApp, Viber, Messenger, imo, I Messenger යන සමාජ මාධ්‍ය නොමිලේ ලබාදීමට තීරණය කර තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් හිටපු තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත.

ඔහු සිත තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.
“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහන පැකේජයට සහයක් වෙමින්, හිටපු තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා සන්නිවේදන ආයතන හරහා ඉදිරි දින කීපය තුළ මහජනතාවට ලබා දිය හැකි සහන පිලිබඳ ශ්‍රීලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිර්ති පෙරේරා මහතා හා Mobitel ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා සමග දුරකථනය හරහා සාකච්චාවක නිරත වුණෙමි.“

“ඒ අනුව මේ වනවිට ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හට Facebook Messenger, WhatsApp, Viber, imo, I Messenger යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති අතර PEOTV GO ජාලය දත්ත හරහා සම්පුර්ණයෙන් නොමිලේ ලබා දීමට තීරණය වූනි. මෙය දැනටමත් ක්‍රියාත්මක වනු ඇත.“

“ශ්‍රීලංකා මොබිටෙල් ආයතනය හරහාද මේ සහන මෙම කාලය තුළ ලබාදීමට ඉල්ලීම් සිදු කළෙමි. එම ආයතනයද ඉදිරි පැය කීපය තුල අප දැනුවත් කරනු ඇත, අනෙකුත් පෞද්ගලික සන්නිවේදන ආයතනද ඉදිරි දින කීපය තුළ සහන ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.“

ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන
හිටපු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements