Featured News

Video Gossip

Advertisement

ක්ලෝරෝක්වින් ඖෂධය කොවිඩ්-19ට එරෙහිව භාවිත කිරීම සඳහා අනුමත කර නෑ
නයිජීරියානුවන් තිදෙනෙකු එය විෂ‌ෙවෙලා

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නැසීම සඳහා යැයි කියා ක්ලෝරෝක්වින් ඖෂධය භාවිත කළ නයිජීරියානුවන් තිදෙනෙකු එය විෂවීමෙන් රෝහල්ගත කිරීමත් සමග එරට සෞඛ්‍ය බලධාරීන් එම ඖෂධය භාවිතය පිළිබඳ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

එරට ලාගෝස් ප්‍රාන්ත නිලධාරියෙකු පවසා සිටියේ, මෙම ඖෂධය ගැනීමෙන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

පසුව කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා ක්ලෝරෝක්වින් භාවිත කිරීමට එරෙහිව අනතුරු අඟවමින් නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කළා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ ධවල මන්දිරයේ පැවති රැස්වීමකදී කියා සිටියේ කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා බලවත් ඖෂධයක් ලෙස ක්ලෝරෝක්වීන් එරට ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමත කර ඇති බවයි. නයිජීරියානුවන් මෙම වෛරසය මැඬලීම සඳහා එය භාවිත කිරීමට එය හේතු වී තිබෙනවා.


මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ඖෂධය කොරෝනා රෝගය මැඬලීම සඳහා භාවිත කරන ලෙස පසුගියදා ජනතාවට උපදෙස් දුන් අතර, පසුව ක්ලෝරෝක්වීන් ඖෂධය කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම වළක්වන ඖෂධයක් නොවන බවත්, එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට උපදෙස් දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලනාධිකාරිය පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ක්ලෝරෝක්වින් ඖෂධය කොවිඩ්-19ට එරෙහිව භාවිත කිරීම සඳහා අනුමත කර නොමැති බවයි.

එමෙන්ම චීනයේ, එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල වෛද්‍යවරු කොවිඩ් -19 රෝගීන් සඳහා මෙම ඖෂධය පර්යේෂණාත්මකව භාවිත කර තිබුණත්, එය මිනිසුන්ට හෝ රෝගය පාලනය කිරීම සඳහා ඵලදායී බවට සායනික සාක්ෂි තවමත් නොමැති බව සඳහන් වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements