Featured News

Video Gossip

Advertisement

බෙහෙත් ඔක්කොම ගේන්න සල්ලි නැද්ද
මම බෙහෙත් ගෙනැල්ලා දුන්නම ඒකෙන් ප්‍රතිකාර කළේ නැහැ
බෙහෙත් දුන්නා නම් මගේ දරුවට පිස්සු හැදෙන්න තිබුණා

පියකුගේ ප්‍රශ්න කිරීමක් හමුවේ උරණ වූ වෛද්‍යවරියක් දස හැවිරිදි දරුවකුට අධිමාත්‍රාවකින් යුත් බෙහෙතක් ලබාදීමේ පුවතක් මාරවිල රෝහලෙන් වාර්තා වෙයි. මේ දරුවා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත්තේ කකුල් දෙක පිලිස්සීම හේතුවෙනි.

ඒ සඳහා අවශ්‍ය බෙහෙතක් පිටතින් ගෙනෙන ලෙස අදාළ වෛද්‍යවරිය දරුවාගේ පියාට දැනුම් දී ඇති අතර එම බෙහෙත් තුණ්ඩුවේ ප්‍රමාණයක් සඳහන් කර නොතිබීම හේතුවෙන් එකක් පමණක් රැගෙන පැමිණ තිබේ. මේ බෙහෙත මාරවිල ප්‍රදේශයේ ඔසුසල්වල නොමැති වීම නිසා මිලදී ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයෙනි. මෙහි එකක මිල රුපියල් 1600ක් වූ බවද දරුවාගේ පියා පැවැසීය. 
මේ බෙහෙත රැගෙන පැමිණි විට අදාළ වෛද්‍යවරිය පියාට දොස් කියමින් එකක් පමණක් ගෙනාවේ ඇයි දැයි විමසා තිබේ. ඇය එහිදී මේ පියාට අපහාසවන අයුරින් ‘බෙහෙත් සියල්ල රැගෙන පැමිණීමට මුදල් හිඟද’ යනුවෙන්ද විමසාද තිබේ. ප්‍රතිකාර සඳහා තවත් තුනක් හෝ හතරක් මේ බෙහෙතෙන් අවශ්‍ය බව එහිදී මේ වෛද්‍යවරිය පියාට දැඩි ලෙස දැනුම් දී ඇත. ඒ අනුව පසුදින පෙරවරුවේම එම බෙහෙතෙන් දෙකක් ගෙනැවිත් දීමට මේ පියා කටයුතු කර ඇත. එහෙත් සවස් වනතෙක් ඉන් ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරිය කටයුතු නොකිරීම හේතුවෙන් ඊට හේතු විමසා තිබේ. එහිදී එම වෛද්‍යවරිය නැවතත් බෙහෙත් තුණ්ඩුවක් ලබාදී ඇති අතර එය රෝහලේ බෙහෙත් ශාලාවෙන් ගෙනෙන ලෙස දැනුම්දී තිබේ. පියා විසින් එම බෙහෙත් තුණ්ඩුව රෝහලේ බෙහෙත් ශාලාවට යොමු කළ විට එහි සිටි ඖෂධවේදියා මේ පියාගෙන් ලෙඩාගේ වයස විමසා ඇත. පියා විසින් වයස විමසූ අවස්ථාවේ ඖෂධවේදියා පියාට ප්‍රකාශ කර ඇත්තේ මෙය වැඩිහිටි පුද්ගලයකුට ලබාදෙන අධිමාත්‍රාවක් බවයි. ඒ අනුව බෙහෙත් නිකුත් කිරීම ඖෂධවේදියා ප්‍රතික්ෂේප කර තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ අමිල වර්ණකුලසූරිය මහතා,

“මම බෙහෙත් ගෙනැල්ලා දුන්නම ඒකෙන් ප්‍රතිකාර කළේ නැහැ. ඒ ගැන විමසපු නිසා අධිමාත්‍රාවකින් යුත් බෙහෙත් නිකුත් කළා. ඖෂධවේදියා සැලකිල්ලෙන් කටයුතු කළ නිසා මගේ දරුවා බේරුණා. නමුත් ඒ වන විටත් දරුවට එක බෙහෙත් වේලක් ලබාදී තිබුණා. ඊට පස්සේ දරුවා හොඳටම නිදා ගත්තා කියලයි නෝනා කිව්වේ. ඒ නිදිමත ගතිය තවමත් දරුවා තුළින් දකින්න පුළුවන්. බැරිවෙලාවත් දිගටම මේ බෙහෙත් දුන්නා නම් මගේ දරුවට පිස්සු හැදෙන්න තිබුණා. මගේ අතට ලබාදුන් බෙහෙත් තුණ්ඩුවේ පමණක් නෙමෙයි ඇඳ හිසපත් වාර්තාවේත් මේ බෙහෙත ලියලා තිබුණා.

මම මේ ගැන මාරවිල පොලිසියට හා අදාළ අංශවලට පැමිණිලි කළා. පොලිසියෙන් කටඋත්තරයක් ගන්න ආවම මේ වෛද්‍යවරිය කටඋත්තර ලබාදීම ප්‍රතික්ෂේප කරලා තියනවා” 

මේ පිළිබඳව කළ විමසීමේදී මාරවිල රෝහලේ වෛද්‍ය අධිකාරී එස්.එම්.ඒ.ඩී.කේ. සිරිවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ මේ පිළිබඳව දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි. මවුපියන්ද මේ පිළිබඳව තමන්ට පැමිණිලි කර ඇති බවත්ය වෛද්‍ය අධිකාරිවරිය වැඩිදුරටත් පැවැසුවාය.


හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements