Featured News

Video Gossip

Advertisement

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ‘පොහොට්ටුව‘ ලකුණින් කොළඹ දිස්ත්‍රික්කයට තරග කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක් ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළේය. 
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක දෙක ගැන වැඩි අවධානයක් යොමු වී තිබුණද අවසානයේදී උවිඳු විජේවීර මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තීරණය කළ බවද එම නියෝජිතයා සඳහන් කළේය. 

රටක ජාතිකත්වය මුල්කරගත් ප්‍රතිපත්තියක් තුළ දේශපාලනය කළ යුතු බවත් රටට ප්‍රමුඛත්වය දී රට වෙනුවෙන් යම් වැඩකොටසක් කිරීමට තමා සූදානම් බවත් උවිඳු විජේවීර මහතා මීට පෙර ප්‍රකාශ කොට තිබිණි. 

මීට දින කිහිපයකට පෙර උවිඳු විජේවීර මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ. 

රුසියාවේ ‘යුරල්’ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන උවිඳු විජේවීර මහතා මේ දිනවල දේශපාලන විද්‍යාව හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටියි. 

මීට අමතරව රුසියාව ඇතුළු සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණු රටවල අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ සභාපති වශයෙන් 2 වැනි වරටත් උවිඳු විජේවීර මහතා පත්ව සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements