Advertisement

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ බී 4 සිරකුටියේ තිබී තුන්වන වතාවටත් ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගත්බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළා.

මෙහි ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සී.සී.ටී.වී කැමරා වලින් කරන ලද නිරීක්ෂණයකදී මෙම ජංගම දුරකතනය සොයාගෙන ඇතැයි පැවසෙනවා.
එම සී.සී.ටී.වී දර්ශන ඔස්සේ කංජිපානිට එරෙහිව පරීක්ෂණ සිදුකරන බවද දැනගන්නට තිබෙනවා.

මොහු සෑම සතියකට වරක්ම නඩු කටයුතු සඳහා කොළඹට රැගෙන එන බවද එහිදී ජංගම දුරකතන ශරීරය තුළ රහසිගතව සඟවාගෙන එන්නට ඇති බවද සැකකරන බවද එහි නිලධාරීහු පවසනවා.

දැනට මෙහි සියලුම ආරක්ෂක කටයුතු මෙන්ම බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් පරීක්ෂා කිරීම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකරන අතර ඒ සඳහා ඔවුන්ට නවීන තාක්ෂණයෙන් යුතු පරීක්ෂණ උපකරණ කිසිවක් නොමැති බවද වාර්තා වනවා.

විශේෂ ගණයේ සිරකරුවන් 22 ඇතුළුව සිරකරුවන් 400 කට අධික සංඛ්‍යාවක් මෙහි රඳවා සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements