Advertisement

අලියා ලකුණින් ඉදිරි මැතිවරණයට සඳහා තරග කිරීමට එජාප දෙපාර්ශවයම එකඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස කරු ජයසූරිය මහතා නම් කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බවත් ජයසූරිය මහතාද ඊට කැමැත්ත පළ කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතුව අලියා ලකුණින් මහමැතිවරණයට තරග කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළ කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අද පස්වරුවේ පැවැත්වෙන තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී සියලු ප්‍රශ්න අවසන් වනු ඇති බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements