කොරියාවේ සිට පැමිණි ලාංකිකයන් රැගත් යානාවේ සිටි දෙදෙනෙක් කොරෝනා යැයි සැක පිට රොහල් ගත කෙරෙයි
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Korea
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා සඳහන් කළා.
දකුණු කොරියාවේ මේ වනවිට මෙම කොරෝනා වසංගත රෝගය වඩාත් වේගයෙන් පැතිර යමින් පවතින බව එරටින් ලැබෙන තොරතුරු මගින් අනාවරණය වනවා.
ඒ අනුව අද (1) අලුයම 3.56 දකුණු කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 182 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. මෙම පිරිස අතරින් 137 දෙනෙකුම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයකි.
මේ ආකාරයට පසුගිය දින කීපය තුළ දී දකුණු කොරියාවේ සිට , පෙර පැවති තත්වයට වඩා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම මෙම ගුවන් යානයෙන් පැමිණි ශරීර උෂ්ණත්වය 100F° වැඩියෙන් පැවති, උණ රෝගයෙන් පෙළුණු ගුවන් මගීන් දෙදෙනෙකු, කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් හඳුනා ගෙන, ඔවුන් විශේෂ ගිලන් රථ මගින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළ වෙත විවිධ රටවල සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය උපකරණ මගින් නිරන්තර පරීක්ෂාවට ලක් වනවා.

