වීසා නොමැතිව රැදී සිටින 18000 - 20000ක් අතර වන ලාංකිකයන්ට කුවේට් රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය පිළිබඳව තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය දැනුවත් කර ඇති බව වාර්තාවේ.
නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව කොරෝනා වෛරසය රට තුළ මර්ධනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. තත්ත්වය පාලනය කර ගැනීමට තවදුරටත් කාලය අවශ්‍ය බැවින් රට තුළට ගුවන් ගමන් ආරම්භ කිරීමට තවමත් අවකාශ නොමැත.
එබැවින් පොදු සමාව යටතේ සියරට යැවීම සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් 2020 අප්‍රියෙල් මස 01 දින සිට ක්‍රියාත්මක නොවන අතර, තත්ත්වය යහපත් වූ වහාම ඒ බව සමාජ මාධ්‍ය ජාල හරහා දැන්වීමට කටයුතු කරන බව කුවේට් තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු ගොසිප්99 අමතමින් ප්‍රකාශකලා.
තවද,පොදු සමා කාලය සම්බන්ධව විමසීම් කිරීම සඳහා තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින අතර කුවේට් හි සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව පිණිස රැඳී සිටින ස්ථානවලම සුරක්ෂිතව සිටින ලෙස පවසයි
අවශ්‍ය වුවහොත් පහත දුරකථන අංක සහ ඊමේල් ඔස්සේ තානාපති කාර්යාලය ඇමතිය හැකි බව එම ප්‍රකාශකයා වැඩි දුරත් පැවසුවා
දුරකථන අංක - 25354611/33/38/ 65000118 / 65091150 / 97507875 /
ඊමේල් - slemb.kuwait@mfa.gov.lk
ෆේස්බුක් පිටුව - Sri Lanka Embassy in Kuwait

