ඉන්දියාවත් LOCKDOWN කරයි – මෝදි ජාතිය අමතමින් රට රැකීමේ වගකීම බාර ගනී
corona
,
covid-19
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
අද (24) රාත්‍රී 12ට ඉන්දියාව සම්පුර්ණයෙන්ම වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
දින 21ක කාලයක් තුළ කොරෝනා මැඩපැවැත්වීම එහි අරමුණ බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ.
ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24) ජාතිය අමතමින් ප්‍රකාශ කළා.
ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් දක්වා ඉන්දියාවේ කටයුතු සියල්ල නවතා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා.
‘‘අද මධ්‍යම රාත්‍රියේ සිට මුළු රටම ‘ලොක්ඩවුන්’ ක්‍රමය අනුගමනය කරනවා. ‘ටෝටල් ලොක්ඩුවන්’ ක්‍රියාමාර්ගයකට අපි යනවා’’ යැයි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර සිටියා.
බිලියන 1.3කට වැඩි පිරිසක් සිටින ඉන්දියාව ලොව විශාලතම ජනගහනයට හිමිකම් කියන රටයි.
‘‘ඉන්දියාව ආරක්ෂා කරගැනීමට, ඉන්දියාවේ සෑම පුරවැසියකුම ආරක්ෂා කරගැනීමට ඔබ, ඔබේ පවුල, සෑම වීදියක්ම, ඔබේ අසල්වැසියන් සියලු දෙනා ‘ලොක්ඩවුන්’ කරනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
යුරෝපයේ රටවල් රැසක්ම මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර එම ක්‍රියාමාර්ගයට අනුව ගමන්බිමන් සීමා කෙරෙන අතර කඩසාප්පු ආදී සියල්ල වසා දැමෙනවා.

