Featured News

Video Gossip

Advertisement

හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

හැන්ටා වෛරස් පුල්මොනරි සින්ඩ්‍රෝම් නමැති මෙය ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව වැළඳෙන දුර්ලභ ගණයේ රෝගයක් වනවා.

විදෙස් වාර්තා පැවසුවේ එරට යුනාන් ප‍්‍රදේශයේ සිට ෂැන්යොන් ප‍්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි පැවසෙන්නේ.


හැන්ටා වෛරසය ආරම්භ වූයේ මීයන්ගෙන් බවයි පැවසෙන්නේ.

1990 වසර තුල ඇරිසෝනා,කොලරාඩෝ, නව මෙක්සිකෝව, යුටා ජනපද වල පැතිර ගිය මේ වෛරසය “Sin Nombre Virus” නමින් ද හඳුන්වනවා.

මළ, මුත්‍රා, රුධිරය සහ වාතය හරහා බෝවෙන මේ රෝගය මුලින්ම සොයාගනු ලැබුවේ කොරියානු යුධ සමයේදීයි.

වකුගඩු අක්‍රිය වීම, පෙනහළු වලට දියර එකතුවීම වැනි රෝග ලක්ෂණ වලින් සමන්විත හැන්ටා වයිරසය ඇමරිකාවේ වසර 2012 දි යලි හිස එසවීමක් වුනා.

යෝසේමයිට් ජාතික උද්‍යානය අසලින් මේ රෝගය ආසාදනය වුනු රෝගීන් සිව් දෙනෙක් ඒ වසරේදී සොයා ගත්තත් ඔවුන්ගෙන් දෙදෙනෙක් සුවයක් නොලබාම රෝගලක්ෂණ උත්සන්න වීමෙන් මියගියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements