Advertisement

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් සිව් දෙනෙක් පසුගිය අවුරුද්ද (2019) පුරාම පාර්ලිමේන්තුවේ එක්වතාවක්වත් කතා කර නැති බව වාර්තා වනවා.

ඔවුන් ‘හතර දෙනා’ වන්නේ, ඉන්දික බණ්ඩාරනායක, ඩුලිප් විජේසේකර, ජනක බණ්ඩාර සහ සිරිපාල ගම්ලත්ය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් කලක් තිස්සේ උගුරේ දරුණු ආබාධයකින්’ පෙළෙන බැවින් ඔහුගේ ‘හඬ පිට නොවීම’ රෝග ලක්ෂණයක් ව පැවතුණ ද ඩුලිප් විජේසේකර, ඉන්දික බණ්ඩාරනායක, සිරිපාල ගම්ලත් වැනි එවැනි රෝග නැති බව ප්‍රසිද්ධ කරුණකි.

ඒ ගැන ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර ගෙන් ඇසූ විට ඔහු කීවේ කුතුහලය දනවන උත්තරයකි.

මේ අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් තවත් ‘නව දෙනෙකු’ පසුගිය අවුරුද්දටම (2019) පාර්ලිමේන්තුව අමතා ‘කතා කර’ තිබුණේ ‘එක් අවස්ථාව’ බැගිනුයි.

ඔවුන් නව දෙනා වන්නේ, ඩී.එම්.ස්වාමිනාදන්, ලොහාන් රත්වත්තේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, දුනේෂ් ගන්කන්ද, චතුර සේනාරත්න, ප්‍රේමලාල් ජයසේකර, එස්.බී. නාවින්න, මොහාන් ලාල් ග්‍රේරු, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන අයයි.

පසුගිය වසර 4 1/2 තුළ අඩුවෙන් ම පාර්ලිමේන්තු ගොස් තිබෙන්නේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා යි.

ඔහු වසර කිහිපයක් බන්ධනාගාරගතව සිටි මන්ත්‍රීවරයෙකු වන අතර ඊ ළඟට වැඩිපුරම නොපැමිණ තිබෙන්නේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් ය.

ඔහු පාර්ලිමේන්තු පැමිණ ඇත්තේ එය රැස් වූ දින 388 න් දින 84 ක් පමණි.

මේ අතර පාර්ලිමේන්තුවේ අඩුවෙන් ම කතා කළ ‘කුලකයේ’ සිටි චතුර සේනාරත්න ද පසුගිය අවුරුදු 4 1/2ට ම පාර්ලිමේන්තු පැමිණ ඇත්තේ දින 128 ක් පමනයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements