Featured News

Video Gossip

Advertisement

සෞඛ්‍ය හා සමාජ ක්ෂේත්‍ර එක්ව ගෙනයන වැඩපිළිවෙළට සුබ පතනවා
එක්ව කටයුතු කරන ආකාරය ප්‍රශංසනීයයි



ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩ්හැනම් ඊයේ (01දා) ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකථනයෙන් කතා කර කොරෝනා (කොවිඩ් -19) වසංගතය මැඬපැවැත්වීමට මෙරට රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව සිය ප්‍රසාදය පළකර ඇත.


මෙම දුරකථන සංවාදයෙන් පසු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා ඇත්තේ ශ්‍රී ලංකා රජය කොරෝනා වයිරසය මැඬපැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව කටයුතු කරන ආකාරය ප්‍රශංසනීය බවයි. සෞඛ්‍ය හා සමාජ ක්ෂේත්‍ර එක්ව ගෙනයන වැඩපිළිවෙළට සුබ පතන බවද සඳහන් කර ඇත. කොවිඩ් - 19 සහ සෞඛ්‍ය හා ආර්ථික ඝට්ටනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

මෙම දුරකථන සංවාදයෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ කොවිඩ් - 19 වසංගතය මුලිනුපුටා දැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව දිගටම කටයුතු කරන බවයි. එමඟින් මෙය පාලනය කරන බවද ජනාධිපතිවරයා කියා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements