Advertisement


මෙරට කොරෝනා ආසාදිත සිව්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 58 ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයි.

ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මේ අතර මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද (02) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි.

මෙම රෝගීන් දෙදෙනාම ඊයේ දිනයේ මිය ගිය කොරෝනා ආසාදිතයා ලඟින් ඇසුර කළ පුද්ගලයින් බව අනාවරණය වී ඇත.

ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 126 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 21ක් වේ.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements