මැයි අවසන් සතියේදීත් මැතිවරණය බෑ – මාස තුනකින් පාර්ලිමේන්තුව රැස්කරන්නත් බෑ – මැකෝ කියයි
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Politics
,
Sri lanka
,
web gossip
පවතින තත්ත්වය මත පාර්ලිමේන්තු මැතිවරණය මැයි අවසන් සතියේදීත් පැවැත්විය නොහැකි බවත් එනිසා පාර්ලිමේන්තුව විසුරුවාහරින ලද මාර්තු 02 දා සිට මාස තුනක් ඉකුත් වීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බවට ඊයේ රැස්වූ මැතිවරණ කොමිෂම නිරීක්ෂණය කළ බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට යොමුකළ ලිපියක දැක්වෙයි.
මේ අනුව ඇතිවන ගැටලු විසා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම ලබා ගැනීමට ජනපතිවරයා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බවත් මේ පිළිබඳව නොපමාව ජනපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසයි. මෙම ලිපියේ ආරම්භයේදී ‘හදිසියි’ යනුවෙන්ද සඳහන් කර තිබේ.
ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මාර්තු මස 2 වනදා වන අතර එතැන් සිට මාස තුනක් ඉක්ම යාමට මත්තෙන් නව පාර්ලිමේන්තුව රැස්කළ යුතු වෙයි. කෙසේ වෙතත් මේ වන විට පවතින තත්ත්වය යටතේ මහ මැතිවරණය කල් දමා ඇති අතර එය පවත්වන නිශ්චිත දිනයක්ද තවමත් තීරණය කර නොමැත. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනකින් නව පාර්ලිමේන්තුව රැස්කළ නොහැකි බැවින් නීතිමය ගැටලුවක් පැන නැගීතිබේ.


