Advertisement

වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඉතාලි‍‍යේ සිට පැමිණි සිටි 40 හැවිරිදි ‍පිරිමි පුද්ගලයෙක් මෙලෙස නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (03) රාත්‍රී 10.10 වන විට තවත් කොරෝනා ‍ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනට පමණක් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළ ‍ගොස් තිබේ.  සුවය ලබා රෝහ‍ල්වලින් පිටව ගිය සංඛ්‍යාව 24ක් වෙයි.

ඊයේ (03) රාත්‍රී 9 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙක් හා සවස එක් ආසාදිතයෙක් හඳුනා ගනු ලැබීය.

කෙ‍සේ වෙතත් ඊයේ  සවස 5.30 දක්වා ගතවු පැය 24 ක කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුයේ නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements