නිරෝධායනයෙන් පසු තවත් අයෙකුට කොරෝනා
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
දින 14ක ස්වයං නිරෝධායනයට ලක් කළ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයකුට ඉන් දින අටකට පසුව ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.
කටාර් රාජ්‍යයේ පැවැති ආගමික වැඩසටහනකට සහභාගි වී පසුගිය මාර්තු 16 වැනිදා දිවයිනට පැමිණි පුද්ගලයකුට මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණයෙන් තහවුරු වූ බව කල්මුණේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඥානගුනාලන් සුගුණන් මහතා ප්‍රකාශ කළේය.
අදාළ ආසාදිතයා සමඟ එම ආගමික වැඩසටහනට තවත් ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් හත්දෙනකුද සහභාගි වී ඇති අතර ඔවුන්ද ස්වයං නිරෝධායනයට මේ වන විටත් යොමු කර ඇති බවත් ඔවුන්ගේද PCR පරීක්ෂණයන් කිරීමට පියවර ගෙන ඇත.

