Featured News

Video Gossip

Advertisement

දින 14ක් බොහොම සාර්ථකව අවසන් කළ ඔවුන් නැවතත් IDH රෝහලින් පිටවෙලා
කොරෝනා එක්ක සටන් කරන්න ඔවුන් දෙපාරක් හිත හිත හිටියේ නෑ.

ලංකාව පුරා කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියත් එක්ක එන්න එන්නම අසාදිත රෝගීන් වැඩි වෙද්දී වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවයේ සාමාජිකයින්ගේ කාර්යබහුලත්වයත් එන්න එන්නම වැඩි වුණා.

මේ විදිහට ටිකෙන් ටික ඔවුන් කරපිටට පැටවුණ වගකීම කිසිම පැකිලීමකින් තොරව භාර අරගෙන තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව රෝගීන්ගේ ජීවිත වෙනුවෙන් කොරෝනා එක්ක සටන් කරන්න ඔවුන් දෙපාරක් හිත හිත හිටියේ නෑ.


මේ කොරෝනා වගකීමේ ලොකු වැඩ කොටසක් පැවරුණේ අංගොඩ උණ රෝහලට. අපිට පුරුදු විදිහට කියනවනම් IDH රෝහලට. 

මේ වෙද්දී IDH රෝහලට ඇතුළත් කෙරුණු කොරෝනා ආසාදිතයින් සැලකිවයුතු ප්‍රමාණයක් සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් හමාරයි. එහි සම්පූර්ණ ගෞරවය වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු IDH කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හිමිවිය යුතුයි. 

මේ අතරේ එන්න එන්නම අසාදිත රෝගීන් වැඩිවීමත් එක්ක විවිධ රෝහල්වලින් හෙද කාර්ය මණ්ඩල IDH රෝහල වෙත පිටත් කර හැරුණේ ඔවුන්ටත් මේ වගකීමේ කොටසක් පවරමින්.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ 15 දෙනෙකුගෙන් යුත් හෙද කණ්ඩායමක් මීට දින 14කට පෙර IDH රෝහල වෙත යැවුනේ ඒ තීරණයත් සමගින්. කිසිවිටකත් ඒ යෝජනාවට මැලි නොවුණු මේ හෙද පිරිස වගකීම කරට අරගෙන IDH රෝහලේ ප්‍රතිකාර ලබපු කොරෝනා ආසාදිතයන්ට හැකි උපරිමයෙන් සාත්තු කලේ තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතමින්. කිසිවිටකත් ඔවුන් ඒ වෙනුවෙන් අමතර වැටුපක් බලාපොරොත්තු වී නැහැ.

කොහොම වුනත් දින 14ක් බොහොම සාර්ථකව අවසන් කළ ඔවුන් නැවතත් අද IDH රෝහලින් පිටවෙලා කොළඹ ජාතික රෝහලට ඇවිල්ලා තිබුනා. මුළු රටම ලොකු ව්‍යවසනයකට මුහුණ දීලා ඉන්න මේ වෙලාවේ නෑ බෑ කියන්නේ නැතුව රටේ වගකීම කරට ගත්ත මේ හෙද නිළධාරී කණ්ඩායමට හැමෝගෙන්ම පැසසුම් හිමිවුණා. හැමෝම ඔවුන්ට ස්තුති කළා. හැමෝම ඔවුන්ට සුබ පැතුවා. මේ අතරේ කොළඹ ජාතික රෝහල දවස් 14කට පස්සේ තමන්ගේ වීර කණ්ඩායම පිළිගත්තේ මෙන්න මෙහෙමයි. 

රිද්මි පතිරණ


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements