Advertisement

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කළමණාකරුවෙකු අලුතින්ම මිළදීගත් මෝටර් රථයකට පූජාවක් තැබීම සඳහා පසුගියදා  (14) පස්වරුවේ ඇඳිරි නීතියද කඩ කරමින් කුරුණෑගල කතරගම දේවාලයට ඇතුළුවී බලහත්කාරයෙන් පූජාවක් තැබී⁣මේ සිද්ධියක් වාර්තා වනවා.


මෙම පූජාව සඳහා එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් හිතවතුන් ඇතුළු 25 දෙනෙකුට ආසන්න විශාල පිරිසක් සහභාගි වී සිටි බවද ඇඳිරි නීති රෙගුලාසි සහ රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය නීතිරීතිද උල්ලංඝනය කරමින් මෙම පිරිස කටයුතු කර ඇති බවට කුරුණෑගල කතරගම දේවාලයේ පාලක මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.

මෙම පිරිසේ කිසිවකු රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නීතිරීති අනුව මුඛ ආවරණ පවා පැළැඳ ⁣නොසිටි බවද ඔහු සඳහන් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන්නද එම ඒකකයේ නිලධාරීන් පැමිණ මෙම නීතිවිරෝධි කටයුත්ත සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නැති බවටද එම නිලධාරියා චෝදනා කළා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දිනපතාම දෙවරක් දේවාල අභ්‍යන්තරයේ දේව පූජාව ඉටු කළද බැතිමතුන් සඳහා දේවාලය විවෘත ⁣නොකරන අවස්ථාවක මෙම පිරිස බලෙන් පූජාවක් පවත්වා ඇති බවද ඔහු පෙන්වා දී තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements