ලංකාවේ පළමු වතාවට වතුරේ ඉපදුන පුංචි බබා මෙන්න [PHOTOS]
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Ninewells Hospital
,
PickMe
,
Sri lanka
,
web gossip
මේකට කියන්නේ වෝටර් බර්ත් (water birth) කියලා
දරුවාගේ තාත්තා මේ දිනවල ප්‍රසිද්ධ චරිතයක්ලු
මව් පදවිය කියන්නේ ලෝකයේ කාන්තාවකට ලබන්න පුළුවන් උපරිම පදවිය කිව්වොත් හරි. දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන විවාහ දිවියට පිවිසෙන යුවළකගේ මීළඟ උතුම්ම බලාපොරොත්තුව වෙන්නේ ඉක්මනටම දෙමව්පියන් වෙන එක. මොකද දරුවෙක් කියන්නේ පවුලකට ආශීර්වාදයක් නිසා.
දරු ප්‍රසූතියක් ඇත්තටම මවකට ටිකක් වේදනාකාරී අත්දැකීමක් බව ඔබ දන්නවා. මවක් වෙන එක එතරම්ම උතුම් දෙයක් විදිහට පිළිගැනෙන්නෙත් ඒ නිසාමයි.
සාමාන්‍යයෙන් පවුලේ පළමු දරුවා කියන්නේ දෙමව්පියන්ගේ ටිකක් විශේෂ අවධානය ගන්න දරුවෙක්. මොකද මේ අත්දැකීම දෙමාපියන්ට කුලුඳුලේම ලැබෙන්නේ .පළවෙනි දරුවගෙන් නිසා.
දරු උපත් ගැන කතා කරද්දී ඔබට කියන්න ටිකක් විශේෂ විදිහේ කතාවක් තියනවා. ඒ තමයි පහුගිය දවසක ලංකාවේ සිදුවුණ ටිකක් වෙනස් විදිහේ දරු ප්‍රසූතියක් ගැන.
සාමාන්‍යයෙන් මේ අත්දැකීම අපේ රටට අලුත් වුණත් වෙනත් රටවලනම් මේ වෙද්දී සුලබ දෙයක්. මේකට කියන්නේ වෝටර් බර්ත් (water birth) කියලා. නම කියපු සැණින් මතකයට එන විදිහේ වෝටර් බර්ත් අත්දැකීම්වලට සම්බන්ධ පින්තූර දැන් ඔබේ හිතට එන්න ඇති. මොකද පහුගිය කාලේ වෙනත් රටවල සිදුවුණ මේ වෝටර් බර්ත් ප්‍රසූතිවලට අදාළ පින්තූර ගොඩක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුනා.
ඉතින් දැනගන්න ලැබෙන විදිහට මේක තමයි ලංකාව ඇතුළේ සිද්ධවුණ පලවෙනි වෝටර් බර්ත් අත්දැකීම. ඉතින් මේ වාසනාවන්ත දෙමව්පියන් බවට පත්වුණේ මෙවන් පීරිස් සහ ක්ෂනිකා රූපසිංහ. දෙමව්පියන් විදිහට මේ ඔවුන්ගේ පළමුවැනි අත්දැකීම සහ ඔවුන්ගේ පවුලට එකතු වුන මේ වාසනාවන්ත සාමාජිකයා පුතෙක්. මේ වෝටර් බර්ත් එක සිද්ධවෙලා තිබුනේ කොළඹ Ninewells Hospital එකේ.
මේ වාසනාවන්ත දරු උපතෙන් පස්සේ දරුවාගේ තාත්තා මෙවන් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ හරිම සංවේදී සටහනක් දාන්නත් අමතක කරලා තිබුනේ නෑ. තමන්ගේ බිරිඳ තමයි මේ ලෝකේ ඉන්නේ ශක්වන්තම ගැහැණිය කියලා මෙවන් එතැනදී කියනවා. මොකද මේ අම්මා තමන්ගේ කුළුඳුල් දරු උපතට මුහුණ දීලා තිබුණේ වේදනා නාශයක් හෝ ඖෂධයක් භාවිතා නොකරයි. ඒ වගේම මේ විදහට හැබෑ වුණේ තමන්ගේ බිරිඳගේ හිතේ කාලයක් තිස්සේ තිබුණ ආසාවක් කියලත් මෙවන් කියලා තිබුණා.
කොහොම වුනත් මේ පුංචි පැටියාගේ තාත්තා මෙවන් පීරිස් කියන්නේ ඔබට හොඳට අහලා පුරුදු මේ දවස්වල ටිකක් කතාබහට ලක්වෙන චරිතයක් කියන එකත් මතක් කරන්න ඕන. ඔහු තමයි PickMe Foods ආයතනයේ මෙහෙයුම් ප්‍රධානියා. මේ දවස්වල ඔබට නිතර රූපවාහිනියෙන් මුණගැහෙන චරිතයක්.
ලංකාවේ විතරක් නෙමෙයි අන්තර්ජාතික වශයෙනුත් ඔහු ඇගයීම්වලට ලක්වුණ කෙනෙක්. ලෝක ප්‍රසිද්ධ Forbes සඟරාවේ 2020 අවුරුද්දේ ආසියාවේ අවුරුදු 30න් පහළ පුද්ගල ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වෙන්නේ පාරිභෝගික තාක්ෂණ කාණ්ඩය අංශය නියෝජනය කරමින් මුළු ලංකාවටම කීර්තියක් ගෙන එන අතරෙයි.
රිද්මි පතිරණ




