දින 20කට පසුත් කොරෝනා මතුවෙනවා -. නිරෝධායනය දින 28ත් අනිවාර්යයි
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
narayanaya
,
neth gossip
,
News
,
quarantine
,
Sri lanka
,
web gossip
කොරෝනා වෛරසය ශරීරයට ඇතුළු වූ පසු රෝග ලක්ෂණ මතු වීමට දින 10 පමණ කාලයක් ගත වුවද ඇතැම් පුද්ගලයන්ට දින 20කට පසුද එම ලක්ෂණ මතුවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.
එනිසා නිරෝධායන කරනු ලබන පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයකද තවත් දින දාහතරක් නිවසේදීද ස්වයං නිරෝධයට ලක්වීම අනිවාර්ය කරන ඇතැයිද ඇය පැවසුවාය.
නිරෝධාන මධ්‍යස්ථානයකින් නිරෝධාන සහතිකය ලබා දී පිටත් කර යවන සෑම පුද්ගලයෙකුම තවත් සති දෙකක කාලයක් නිවසේ ස්වයං නිරෝධායනය වන්නැයි නියම කරන බව ද ඇය සඳහන් කළාය.
ඒ අනුව සැක සහිත ඕනෑම පුද්ගලයෙකු අනිවාර්යෙන්ම දින 28ක් නිරෝධායනයක් විය යුතු බවද ඇය කියා සිටියාය.
quarantine narayanaya
quarantine narayanaya

