රාජගිරිය,කොළොන්නාව,කොළඹ, ඇතුළු ප්රදේශ 19ක කොරෝනා සැක 49ක් පැය 24ක් තුළ සොයන්න මෙහෙයුමක් - ගැවසුන තැන් සියල්ල මෙත්න
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන 49 දෙනකු පිළිබඳ තොරතුරු සොයා පොලිස් මූලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම පුද්ගලයන් සිටින ස්ථාන සහ තොරතුරු පැය 24 ක් තුළ අනාවරණය කරගත යුතු බව පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබුණා.
මෙම 49 දෙනා ඉන්දියාව, සෝමාලියාව, ජෝර්දානය, ඉන්දුනීසියාව, කටාර් යන රටවලින් මාර්තු මස 01 සිට 19 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති අතර අක්කරෙයිපත්තුව පොතුවිල්, රාජගිරිය, අකුරණ, බදුල්ල, හලාවත, පුත්තලම, තිහාරිය, බේරුවල, මුන්දලම, කොළඹ, මාතලේ, රිදීගම, කැකිරාව, වැල්ලම්පිටිය, හක්මන, දුම්මලසූරිය, දික්වැල්ල, කොළොන්නාව යන ප්‍රදේශවල මොවුන් පදිංචිව ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

