Featured News

Video Gossip

Advertisement

ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වන තෙක්ම ශ්‍රි පාද උඩමළුවේ පැවැත්වෙන තේවාවන් සහ පුද පුජාවන් පවත්වනවා
ගෝටාභය ජනාධිපති වූයේ රටේ වාසනාවට
2019-2020 ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනට පසු දින (08) දින අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල ශ්‍රි රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසිය.

මාධ්‍යයට (10) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රි පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුදසිරිත් පවත්වන බවයි.

පුරා පසලොස්වක පොහෝ දිනයන් හි පෙර සිට සිදු කල පරිදි විශේෂ පුජාවන් හයක් සිදු කරන බවද උන් වහන්සේ කියා සිටිහ.

ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වන තෙක්ම ශ්‍රි පාද උඩමළුවේ පැවැත්වෙන තේවාවන් සහ පුද පුජාවන් අතිතියේ සිට පවත්වාගෙන ආකාරයට සිදු කරන බවත්, වෙසක් පොහෝ දිනට පසු දින ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව , සමන් දේවප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහ විහාරස්ථානය දක්වා වැඩමකරවන බවද ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් පැවසිය.

කොවිඩ් 19 වෛසරය පැතිර යන මෙම අවස්තාවේ ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගත් අභිත රණවිරුවෙකු වු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව තොරාපත් කරගෙන ඇත්තේ රටේ භාග්‍යයට බවත්,මේ රට තුල කාලයකට මැතිවරණ නොපවත්වා නිතිය සහ සාමය පවත්වාගෙන යාමට ගෝඨාභය රජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක කමිටුවක් ඇති කර වසර කිහිපයක් මේ රට පාලනය කල හොත් රට ගොඩ ගැනිමට හැකි බවද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියි.

රටවැසියන් සියළු දෙනාම පාට පක්ෂ කුල භේද අමතක කර රට බේරා ගැනිමට සහයෝගය ලබා දිය යුතු බවයි ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements