Advertisement

ගල්නෑව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සුපුන් භාග්‍ය අත්තනායක නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මන්ත්‍රීවරයා අද (10) සවස 3.50ට පමණ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම පොලිස් වසමේ තලාව ගල්නෑව මාර්ගයේ කලාඔය පාලම අසලදී ය.

අත්අඩංගුවට ගත් පොහොට්ටු මන්ත්‍රීවරයා වයස අවුරුදු 29ක ගල්නෑව හුරීගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු හෙට (11) දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements