Featured News

Video Gossip

Advertisement

අපට කිසිම අයුරකින් බිය වීමට කරුණක් නැහැ. දෙවියන් වහන්සේ මා ආරක්ෂා කර දෙනවාආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාර කටයුතු සිදුකරන‌ෙනේ කැමැත්තකින් ‌නෙමෙයි

කොරෝනා ආසාදිතයෙකු හමුවූ අකුරණ ප්‍රදේශයේ විශාල ව්‍යාපාරික පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බව එහි ව්‍යාපාරිකයන් පවසනවා.

කොරෝනා ආසාදිත අකුරණ රෝගියාගේ ගම්මානයේ පුද්ගලයකු ඊයේ (31 ) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍ය වාර්තාකරුවෙකු ඔහුගෙන් කරනු විමසා තිබුණා.
ඔහුගෙන් කළ විමසීමකදී කියා ඇත්තේ ‘‘අපට කිසිම අයුරකින් බිය වීමට කරුණක් නැහැ. දෙවියන් වහන්සේ මා ආරක්ෂා කර දෙනවා. කිසි බියක් නොගෙන ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියා’’ යනුවෙනුයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ තමන් මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳාම් කටයුතු කර සිදු කරන්නේ මහත් බියකින් බවයි.

රජය විසින් ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට ගත් පියවර නිසා ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාර කටයුතු සිදුකරන නමුත් එය කැමැත්තකින් නොවන බවද පවසනවා.

අකුරණ ප්‍රදේශයේ සහ දිවයිනේ ප්‍රදේශ රැසකින් පුද්ගලයන් දහස් ගණණක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයකුද මේ වන විට අකුරණ ප්‍රදේශයේ පදිංචි ආසාධිත රෝගියා ඇසුරු කිරීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් ව්‍යාපාරිකයෝ පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements