Featured News

Video Gossip

Advertisement

නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ඊයේ (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

ඉන්දුනීසියාවේ සංචාරය කොට මෙරට පැමිණීමෙන් පසු මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවූ පුද්ගලයා සමග ඇසුරු කරන ලද පුද්ගලයින් 60 කට අධික සංඛ්‍යාවක් පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ මිට දින කිහිපයකට පෙර පියවර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කලේ එලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 20 දෙනෙකු ගේ නියැදි ලබා ගනිමින් මාරවිල රෝහලේදී අද දිනයේදී සිදුකළ පරීක්ෂණයේදී මෙලෙස නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 10 දෙනා හඳුනා ගැනීමට හැකිවූ බවයි.

එම පුද්ගලයින් 20 දෙනා මිට පෙර කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ පුද්ගලයා සමග සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයින් ලෙස හඳුනා ගෙන තිබු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මෙම පුද්ගලයින් 10 දෙනා වෛද්‍ය පරීක්ෂණයේදී කොරෝනා ආසාධිතයින් බවට තහවුරු කර ගනු ලැබුවත් මේ දක්වා ඔවුන්ට කොරෝනා වෛරසය හා සම්බන්ධ කිසිදු මුලික රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබීම විශේෂත්වයක් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් කියා සිටියේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements