Featured News

Video Gossip

Advertisement

ජුනි 01ට ප්‍රථම පාර්ලිමේන්තුව කැදවිමට හැකියි
බොහෝ දුරට මැයි 23 මහ මැතිවරණය පැවැත්විය හැකියි - ජනපති

දින දෙකක් ඇතුළත මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ජන්දය ගැන විමසමින් ලිපි දෙකක් ලැබීමත් සමඟ කොරෝනා අර්බුදවල සිරවී සිටි ජනාධිපතිවරයා ඉහළ පෙළේ නීතිවේදීන් කණ්ඩායමකට මහ මැතිවරණය කල් දැමීම සහ එය යළි පවත්වන දිනය පිළිබඳව පවතින නීතිමය තත්ත්වය සොයා බලන ලෙසට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව දින කිහිපයක් තිස්සේම එම නීතිවේදීන් කණ්ඩායම නීති පොත් පෙරළ පෙරළා බලමින් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව සොයන්නට වූ අතර අවසානයේදී ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේ මැතිවරණ කොමසාරිස්වරයා දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැමීමට කටයුතු කර තිබුණද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය තවමත් වලංගු බවයි.

අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ ජුනි 01 වැනිදාට ප්‍රථම මහ මැතිවරණය පවත්වා අවසන් කොට නව පාර්ලිමේන්තුව රැස්විය යුතු යැයි කියාය.

ඒ අනුව අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවට සභාපතිවරයා දැනුම් දී තිබුණද මැයි 15ට ප්‍රථම නැවැත වතාවක් මැතිවරණ දිනය නම් කිරීමේ අවස්ථාව කොමිසමට හිමිවන බවත්, බොහෝ දුරට මැයි 23 මහ මැතිවරණය පැවැත්වීමට හැකි බවත් ඔවුහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා.

ඒ අනුව ජුනි 01ට ප්‍රථම ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි නව පාර්ලිමේන්තුව කැඳවිය හැකි බවද එම නීතිවේදීහු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වූ තොරතුරුවලට අනුව යම් හෙයකින් කොරෝනා අර්බුදය සම්පූර්ණයෙන්ම සමතයකට පත්කර ගැනීමට නොහැකි වුවහොත් ඉන්දියාවේ මෙන් ප්‍රදේශ වෙන්කොට අවස්ථා දෙකකදී හෝ තුනකදී මැතිවරණය පැවැත්විය යුතු බවද එහිදී යෝජනා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නැතත් දැනට ආණ්ඩුව තීරණය කර ඇත්තේ නිශ්චිත වශයෙන්ම කලින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජුනි 01 වැනිදා වන විට අලුත් පාර්ලිමේන්තුව රැස්කරන්නටය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements