කොරෝනා ආසාදිතයන් රට පුරා තැනින් තැන මතු වීමත් සමග රට ශ්‍රී ලංකාව මේ වන විට බරපතල අවදානමකට ලක්වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වහා මැදිහත් වී කටයුතු කළ යුතු බවයි.
දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට එරෙහිව කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
රට පුරා ස්ථානවල මතුවෙමින් ඇති රෝගී පොකුරු ශ්‍රී ලංකාව දැඩි අවදානමකට ලක්ව කර ඇති බවත් කර එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාව උපරිම වශයෙන් සමාජ දුරස්ථභාවය රැකීමට කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් නියෝජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

